පළාත් සභා මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා පෞද්ගලික බස් රථ යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඇතැම් අවස්ථාවල මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් විසින් ප්‍රචාරක පෝස්ටර් , බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම සඳහා පෞද්ගලික බස් රථ යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවන්හිදී බස් කාර්යය මණ්ඩලයට විවිධ හිරිහැර සිදුව ඇති බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියලෙන පෞද්ගලික බස් රථ නීතියේ රැහැනට හසු කර ගන්නා බවට මැතිවරණ කොමසාරිස්වරයා සහතික වූ බව ගැමුණු විජේරත්න මහතා පවසයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.