2013-09-12

බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික ඇසුරකට පොළඹවා ගත් කාන්තාවකට මහාධිකරණයෙන් අධිචෝදනා


වයස අවුරුදු දහසයට අඩු බාල වයස්කාර පිරිමි ළමයකු ලිංගික ඇසුරක් සඳහා පොළඹවා ගෙන එම පිරිමි ළමයා අපයෝජනය කළැයි විත්තාකර කාන්තාවකට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේදී රජයේ නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා විසින් අධිචෝදනා බාර දුන්නේය. මෙසේ අධිචෝදනා බාර දුන්නේ තිරප්පනේ වලගම්බාහුව, වනමල් උයන ලිපියේ සුධර්මා රංජනී ගුනපාල නමැති කාන්තාවකටයි.
2007 වසරේ ජුලි මස 01 වන දින හෝ ඊට ආසන්න දිනයකදී අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් වලගම්බාහුවදී විත්තිකාර කාන්තාව වයස අවුරුදු දහසයට අඩු පිරිමි ළමයකු ලිංගික ඇසුරක් සඳහා පොළඹවා ගෙන එම දරුවා අපයෝජනය කළැයි නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365, අ (2) වගන්ති ප්‍රකාරව විත්තිකාර කාන්තාවකට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවූ තිරප්පනේ පොලීසිය විත්තිකාර කාන්තාව මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. පසුව අධිචෝදනා බාරදෙන අවස්ථාව වන විට ඇය ඇප මත මුදාහැර සිටියාය. විත්තිකාරියට අනුරාධපුර මහාධිකරණයේදී අධිචෝදනා බාරදෙන අවස්ථාව වන තෙක් මෙම සිද්ධිය අදාළ නඩුව විභාගයට ගැණුනේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.