2013-09-17

කැලණි සරසවි මැර ප‍්‍රහාරයට සම්බන්ධ 4ක් අත්අඩංගුවට


කැළණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර ශිෂ්‍ය නේවාසිකාගාරයට පහරදී දේපළ හානි සිදුකිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හතරදෙනෙකු ලබන විසි වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කැළණිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිවු දෙනෙක්. මේ අතර අදාළ පහරදීමට විරෝධය පළ කරමින් කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් අද දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටද සැළසුම් කර තිබෙනවා. කෙසේවෙතත් එම උද්ඝෝෂණය පැවැත්වීම නීති විරෝධි බව පවසමින් අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කෙරුණා. එහෙත්, තමන් අද දිනයේදී විරෝධතාවය පවත්වන බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි ගුණරත්න කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.