උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පෞද්ගලික බස්රථවල කොන්දොස්තර රාජකාරිය සඳහා කාන්තාවන්ටද අවස්ථාව සලසාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හොරොව්පතානේ සිට වාහල්කඩ දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක සේවය කිරීම සඳහා ඉදිරිපත් වූ හතළිස් අට හැවිරිදි ආර්. සිරිමාවතී මහත්මියට ඒ සඳහා අදාළ අනුමැතිය අද ලබා දී ඇත.
ඇයගේ ඉල්ලීම සලකා බැලූ උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කොන්දොස්තරවරියෙකු ලෙස සේවය කිරීම සඳහා අවශ්‍ය මූලික පුහුණුවද ලබා දී තාවකාලික කොන්දොස්තර බලපත්රයක්ද ලබා දී ඇත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.