ආරක්ෂක ලේකම්වරයා සමග සමීප සබඳකම් ඇතැයි හඟවමින් විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් වංචාකර සැඟවී සිටි පුද්ගලයකු ඉකුත්දා පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය මඟින් පානදුර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. සැකකරු පානදුර පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙකි.
ආරක්ෂක ලේකම් සමග දැඩි සුහදතාවක් ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්රදේශවල කාන්තාවන් හා පිරිමින් රවටා රුපියල් ලක්ෂ දෙකේ සිට පහ දක්වා මුදල් අයකර ඇතැයි හෙළි වී තිබෙනවා.
පසුව ඔහු පානදුර නිවෙසින් පැනගොස් විවිධ ස්ථානවල නවාතැන් ගනිමින් ජාවාරම් කරගෙන ගොස් ඇත. මේ වන විට සැකකරුට එරෙහිව මෙම වංචා පිළිබඳ කොටුව පොලීසියට පැමිණිලි දෙකක්ද පානදුර, අඟුලාන, නාරම්මල යන පොලිස් ස්ථානවලට පැමිණිලි එක බැගින්ද ලැබී ඇතැයි පොලීසිය අනාවරණය කගෙන තිබෙනවා.
මෙම වංචාවලට හසුවූ බොහෝ පිරිසක් මෙම තැනැත්තා පදිංචිව සිටින තැන නොදන්නා නිසා පොලීසියට පැමිණිලි නොකර හා ඉදිරිපත් නොවී සිටින බවත් හෙළි වී ඇත. පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.