2013-09-24

ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි සාර්ථකයි


මෙවර පළාත් සභා මැතිවරණයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් විනිවිද පෙනෙන ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කිරීම සාර්ථක බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. සහකාර මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඞ් මහතා පැවසුවේ ඉදිරි මැතිවරණවලදී යොදා ගන්නා ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ප‍්‍රමාණය වැඩි කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි. නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගිය පළාත් සභා මැතිවරණයේදි කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ සහ යාපනය යන දිස්ත‍්‍රික්කවල ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි 228ක් යොදා ගැනුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.