කළුතර නගර සභාවේ සේවකයන්ට, නිලධාරීන්ට අතිකාල ගෙවීම සඳහා මසකට රුපියල් ලක්ෂ අටක් පමණ වැය වෙනවා. අතිකාල ගන්නා සමහර සේවකයන් කරන්නේ ත්‍රිවීල් තබාගෙන හයර් දිවීමයි. තමන්ගේ පෞද්ගලික වැඩ සඳහාත් ඔවුන් පිටතට යනවා. මේ දෙයින් පාරේ ත්‍රීරෝද රැකියාවේ නිරත වන අයට බඩේ පහර වදිනවා. අනෙක් පැත්තෙන් නගර සභාවටත් වදිනවා. මේ අතිකාල ගෙවන්නේ නගරයේ ජනතාවගේ බදු මුදල්වලින්. මේ වංචාව වහා නතර කළ යුතුයි. මේ සඳහා අධීක්ෂණයට නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් කරන ලෙස නාගරික මන්ත්‍රී ධනුක හෙට්ටිආරච්චි මහතා ඉකුත්දා පැවැති නගර සභා මාසික රැස්වීමේදී යෝජනා කළේය.
2013-09-10
අතිකාල ගන්නා සමහර සේවකයන් ත්‍රිරෝද තබාගෙන හයර් දුවනවා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.