2013-10-15

26 හැවිරිදි වෛද්‍යවරියගේ ඝාතකයාට මරණ දඩුවම

26 හැවිරිදි වෛද්‍යවරියක ගෙළ සිරකර මරා දැමීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයෙකුට අනුරාධපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. විත්තිකරු පෙර වැරදි 18ක් සඳහා වසර 31ක කාලයක් බන්ධනාගාරයට නියම වී සිටි අතර බන්ධනාගාරයෙන් පැනවිත් පදවිය මූලික රෝහලේ වෛද්‍ය නිල නිවාසයක සිටියදී අදාළ වෛද්‍යවරිය ඝාතනය කර තිබුණි.
2004 වසරේ දී සිදුවු අදාළ ඝාතනය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ඇසින් දුටු සාක්ෂි නොමැති වුව ද පර්යේෂණ සාක්ෂි මත පමණක් පදනම්ව තීන්දුව ලබාදෙන බව විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා දැනුම් දෙන ලදී.
මරණ දඬුවම නියම වු පුද්ගලයා අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.
වෛද්‍ය නිල නිවාසයේ සොරකම් සඳහා ගිය අවස්ථාවේ දී අදාළ වෛද්‍යවරිය කෑගැසීම හේතුවෙන් එම පුද්ගලයා විසින් මරණය සිදුකර ඇති බවට අනාවරණය වුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.