2013-10-10

කොළඹ - බදුල්ල දුම්රියක් පීලි පනී - උඩරට දුම්රිය ගමනට බාධා

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියක් ඊයේ (10) පස්වරු 2.30ට පමණ තලවාකැලේ හා කොටගල දුම්රිය ස්ථාන අසල 113/8 සැතපුම් කණුව පිහිටි ස්ථානයේදී පීලි පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු ව තිබෙනවා. මෙම දුම්රියේ නැරඹුම් මැදිරිය දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරලී ඇති අතර එහි ගමන් ගත් දේශීය හා විදේශීය සංචාරකයන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවද තලවාකැලේ පොලීසිය පවසනවා. 
දුම්රිය පීලිගත කිරීම් කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරි ප්‍රකාශකයෙක් පැවසීය. දුම්රිය පීලි පැනීමත් සමග බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන දුම්රිය තලවාකැලේ දක්වාද කොළම සිට බදුල්ල බලා ධාවනය කෙරෙන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වාද ධාවනය කෙරෙන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා. 





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.