තවත් මන්ත‍්‍රීවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සනත් ජයසූරිය මහතා තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වයි.ජී. පද්මසිරි මහතා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා. හේමාල් ගුණසේකර මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, බී.ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඊට අමතරව කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් වසන්ත මහතාත්, කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සරත් පියනන්ද වීරසේකර මහතාත්, අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස මොහාන්ලාල් ගේ‍්‍රරු මහතාත් දිවුරුම් දෙනු ලැබුවා.
2013-10-10
නියෝජ්‍ය ඇමති පුටුවල වාඩි වූ නව මන්ත්‍රීවරු
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.