2013-10-09

ගලහදී පොලිස් කණ්ඩායමකට ප්‍රහාරයක් - පොලීසියේ තුනකට තුවාල

ගම්පොල ගලහ ප‍්‍රදේශයේ නීති විරෝධි මත්පැන් වැටලිමකට ගිය පොලිස් කණ්ඩායමකට ඊයේ රාත‍්‍රීයේ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධියෙන් උපපොලිස් පරික්‍ෂකවරයෙකු ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි. 
ඔවුන් මේ වන විට ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. එක් පොලිස් නිලධාරියෙකුගේ සිරුරේ කැපුම් තුවාල ද දක්නට ඇති බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ. පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා පරික්‍ෂණ ක‍්‍රියාත්මකයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.