උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුර බෙදාගැනීම සම්බන්ධයෙන් පවතින ආරවුල නිසා ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය ද දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට සූදානම් වනවා. ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ එම පළාත් සභාවේ අමාත්‍ය ධුර හතරෙන් දෙකක් තමන්ට ලැබිය යුතු බවයි. තවද ඒවායින් එක් අමාත්‍ය ධුරයක් යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු සිය සහෝදරයා වන සර්වේෂ්වරම් පේ‍්‍රමචන්ද්‍රන් මහතාට ලබාදිය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් උතුරු පළාත් සභාවට තේරීපත්වීම සඳහා ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට සර්වේෂ්වරම් පේ‍්‍රමචන්ද්‍රන් මහතාට හැකි වී නැහැ. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයට හිමිවූ ප්‍රසාද ආසනයක් ඔහුට ලබාදිය යුතු බවයි ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ. එසේ නොවුනහොත් තමන්ට ලබාදෙන අනෙක් අමාත්‍යධුරය ද ප්‍රතික්ෂේප කර දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන බව සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර දෙමළ ජාතික සන්ධානය දැනට තීරණය කර තිබෙන්නේ උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුර හතරෙන් එකක් පමණක් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයට ලබාදීමටයි. අමාත්‍ය ධුර දෙකක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයටත්, අනෙක් අමාත්‍ය ධුරය ප්ලොට් සංවිධානයටත් ලබාදීමට දැනට තීරණය කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.