2013-10-10

ලිබියාවේ අගමැති පැහැරගැනේ

ලිබියාවේ අග‍්‍රාමාත්‍ය අලි සිඩාන් අන්තවාදී කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද උදෑසන මෙම පැහැරගැනීම සිදුවූ බවයි. ලිබියාවේ ටි‍්‍රපෝලි නුවර හෝටලයක් තුළ රැඳීසිටි අග‍්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මෙලෙස පැහැරගැනීමට ලක්වූ බවයි වාර්තා වන්නේ. ඔහු රඳවා සිටින ස්ථානය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. ලිබියාවේ අග‍්‍රාමාත්‍යවරයා පැහැරගන්නා අවස්ථාවේ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.