යාපනය මනීපායි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුට කිසියම් පුද්ගලයෙකු පිහියකින් ඇන තුවාල සිදුකර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාල නිලධාරීයා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දි මෙම පිහි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි. තුවාල ලැබු එම නිලධාරියා මේ වන විට යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. කුමන පාර්ශ්වයක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේවෙතත් ප‍්‍රහාරය සඳහා පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධ බවයි මූලික පරික්‍ෂණවලදි අනාවරණ වී තිබෙන්නේ.
2013-10-03
යාපනයේදී පොලිස් නිලධාරීයකුට පිහි ප්‍රහාරයක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.