පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වු දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ගයාන් සංජීව මහතා ඇප මත මුදා හැර තිබෙනවා. සැකකරු මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සිසිර කුමාර රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට නියෝග කෙරුණා. පහරකෑමට ලක්වු බව කියන පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුලත් කළා. මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ නිවසේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට සහභාගි වීම සඳහා පැමිණ සිටිය දි ඇතිවු බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදුව තිබුණා. පසුව මාතර පොලිසිය මගින් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ගයාන් සංජීව මහතා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළා.
2013-10-03
මංගලගේ නිවසේ කලහ කළ පළාත් සභා මන්තී‍්‍රට ඇප
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.