2013-10-09

අවුලෙනුත් අවුලට යන එක්සත් ජාතික පක්ෂය

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පෙරේදා පැවති විශේෂ රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ එතෙක් පැවති ආරවුල් ක‍්‍රමයෙන් සමනය වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළත්, එම ආරවුල් තව තවත් උත්සන්න වෙමින් තිබෙනවා. තනි නායකයෙකු වෙනුවට අලූතින් පත්කිරීමට යෝජනා වූ නායකත්ව මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන පරස්පරතා ඊට හේතුවයි. 
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ වෙනත් නිලධාරීන් කිසිවෙකු එකී නායකත්ව මණ්ඩලයට ඇතුළත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියා. එහෙත් නායකත්ව මණ්ඩලයක් සඳහා වූ යෝජනාව පළමු වරට ඉදිරිපත් කළ එක්සත් භික්ෂු පෙරමුණේ පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් කියා සිටියේ එකී නායකත්ව මණ්ඩලයට රනිල් වික‍්‍රමසිංහ මහතා ද ඇතුළත් වන බවයි. 


මෙම පරස්පරතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් පූජ්‍ය ගිරාඹේ 
ආනන්ද හිමියන්ගෙන් නැවත නැවතත් ප‍්‍රශ්න කළා.  උන්වහන්සේ එහිදී කියා සිටියේ ජ්‍යෙෂ්ඨත්වය නොව වඩා වැදගත් වන්නේ සුදුස්සන් නායකත්ව මණ්ඩලයට පත්කිරීම බවයි. 



උපුටා ගැනීම - Neth News

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.