2013-10-03

තිස්සගේ ඉල්ලා අස්වීම පිළිගනියි

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවර දිස්ත‍්‍රික්කයේ කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමුකළ ලිපිය, පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගෙන තිබෙනවා. කෙසේවෙතත් මීට පෙර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ තිස්ස අත්තනායක මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබු බවයි. නෙත් නිවුස් ඒ පිළිබඳ  පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පසුව රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අදාල ඉල්ලා අස්වීම පිළිගත් බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.