2013-10-04

ස්ත්‍රී දූෂණයටත් සුදු වෑන් යොදා ගනියි

සුදු පැහැති වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ලැගුම්හලක් තුළදී කාන්තාවක් දුෂණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය  පවසනවා. අතවරයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව, බෝගහවැටිය පදිංචි 31 හැවිරිදි කාන්තාවක වන අතර ඇය දෙදරු මවකි. ඉකුත් 28 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති අතර තමන්ට වු අපරාධය සම්බන්ධයෙන් කාන්තාව පොලීසියට පැමිණිළි කර ඇත්තේ 03 වැනිදාය.
තම ස්වාමි පුරුෂයා විදේශ රටක සේවය කරමින් සිටින බවත්, සිද්ධිය වු දිනයේ තමන් අවශ්‍යතාවයක් සඳහා හලාවත නගරයට පැමිණි බවත් පැමිණිළිකාරිය පොලීසියට පවසා තිබෙනවා.
එම අවස්ථාවේදී තමා පසු පසින් පැමිණි සැකකරු බලහත්කාරයෙන් තමන්ව සුදු පැහැති වෑන් රථයක දමා ගෙන හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අවන්හලකට ගෙන ගොස් දුෂණය කළ බවද පැමිණිළිකාරිය වැඩිදුරටත් තම පැමිණිල්ලේ දැක්වා තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු පැමිණිලිකාරිය විසින් හඳුනා ගෙන ඇති බව පොලීසිය පවසනවා. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනවා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.