පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ ඇතුළු සිහළ රාවය සංවිධානයේ සියලුම ස්වාමීන් වහන්සේලාට උද්ඝෝෂණ කිරීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ පසුගිය දින අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.
අදාළ නඩුව අවසන් වන තුරු පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ ඇතුළු සිහළ රාවය සංවිධානයේ සියලුම ස්වාමීන් වහන්සේලාට මෙලෙස උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා සහභාගී වීම තහනම් කර ඇති බව වාර්තා වනවා.
සිහළ රාවය සංවිධානය විසින් පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබු අතර එහිදී විරෝධතාකරුවන් කාර්යාලය වෙත බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කර තිබුණි. එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ද හටගන්නා ලදී. 
 
 
 
 
 
 
 
 
 
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.