එළැඹෙන පෙබරවාරි 18 සිට 24 දක්වා හොංකොංහි පැවැත්වෙන තුන්කොන් දැල්පන්දු තරගාවලියට එක්වන නව දැල්පන්දු කණ්ඩායම් නායකත්වය නැවතත් හිටපු නායිකා මරීෂා ප්‍රනාන්දුට හිමිව තිබෙනවා. හොංකොං තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමගින් හොංකොං සහ මැලේසියාව එක් වනවා. මරීෂා ටොයොටා ලංකා සමාගම අනුග්‍රහයෙන් කණ්ඩායමට එක්වන අතර උපනායකත්වය හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකා දර්ශිකා අබේවික්‍රමට හිමිව තිබෙනවා. දර්ශිකා උපනායිකාව ලෙස ප්‍රථම වරට මෙවර පත්වීම කැපී පෙනේ. පුහුණුකාරිය ලෙස දීප්ති අල්විස් එක්වන අතර කළමනාකාරිණිය ලෙස දැල්පන්දු සංගම් ලේකම් ශ්‍යාමා කුරේ එක්වේ.
හොංකොං සංචාරයට එක්වන ශ්‍රී ලංකා දැල්පන්දු පිල
මරීෂා ප්‍රනාන්දු (නායිකා-ටොයොටා ලංකා  සමාගම), 
දර්ශිකා අබේවික්‍රම (උපනායිකා-හැටන් නැෂනල් බැංකුව), 
ගයනි දිසානායක (විශාඛා විද්‍යාලය), 
තිෂාලා අල්ගම (විශාඛා විද්‍යාලය), 
තිවංකා පෙරේරා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), 
සේමිණි අල්විස් (ශ්‍රී ලංකා වරාය අධිකාරිය), 
පී. අශ්විනී (ශ්‍රී ලංකා නාවික හමුදාව), 
බි.අයි.ජී.ඩී.ඩී. අබේකෝන් (ශ්‍රී ලංකා නාවික හමුදාව), 
යූ.ඩී. චතුරංගනී මල්කාන්ති (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), 
කාංචනා ප්‍රියදර්ශනී ජයවීර (ශ්‍රී ලංකා යුද හමුදාව), 
නෞජලී රාජපක්ෂ (ශ්‍රී ලංකා යුද හමුදාව), 
දුලංගි වන්නිතිලක (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), 
අතිරේක ක්‍රීඩිකාවන් 
ඩබ්.එම්.කේ. ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකා පොලිසිය), 
එච්.ඩී.එල්. බණ්ඩාර (ශ්‍රී ලංකා නාවික හමුදාව), 
චතුරංගි ජයසූරිය (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)











 
 
 
 
 
 
 
 
 
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.