2014-02-07

සන්ධාන ආධාරකරුවන් ගිය රථය අනතුරක - 2ක් මරුට - 8ක් තුවාල

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ගමන ගත් කැන්ටර් රථයක් රත්ගම  ඕවකන්ද ප‍්‍රදේශයේදී අනතුරට පත්වීමෙන් 2නෙකු මියගොස් 8දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ මියගාස් ඇත්තේ රත්ගම පදිංචි දෙනෙත්ති රන්සිරි ද සිල්වා සහ ලාරා නැමති දෙදෙනෙකි. රත්ගම ප‍්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපති ආරියවංශ සම්මු මහතාගේ ආධාරුවන් පිරිසක් ගමන්ගත් මෙම කැනටර් රථය පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් අනතුර සිදුව ඇත.
තුවාලකරුවන් ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. තුවාලකරුවන්  අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බැව් රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරින් රත්ගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ගීත් ගුණසේකර මහතා ද තුවාල ලබා ඇත.
මියගිය අයගේ මළසිරුරු ගාල්ල කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත. මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන ආරියවංශ සම්මු මහතාට සුබ පැතීමට පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබී ඇත.






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.