2014-02-07

අනර්කලී දොට්ට

දකුණු පළාත් සභා මැතිවරණ නාමලේඛනයට ඇතුළත් කර ඇති රංගන ශිල්පිනී අනර්කලී ආකර්ශා මෙනවිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණඩායම පැමිණීමට පෙර නාමයෝජනා භාරදෙන ස්ථානයට පැමිණිය ද ඇය ගේට්ටුවෙන් පිටතට යැවීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා.
උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝගය මත මෙම පියවර ගත් බව වාර්තා වනවා.. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල භූමියෙන් ඇය මෙලෙස පිටත් කර යැවීම නිසා සන්ධාන කණ්ඩායම නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී අනර්කලී ආකර්ශා මෙනවියට යාමට ඉඩ නොලැබුණි.
යෞවන කටයුතු නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සන්ධාන කණ්ඩායම් නායක චන්දිම රාසපුත‍්‍ර සහ හිටපු පළාත් සභා ඇමැති විජය එස්. වීරසිංහ යන මහත්වරුන්ට පමණක් ඇතුළට යාමට ඉඩ ලැබිණ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.