නීති විරෝධීව ඉන්දියාවට ගෙනෙන රත්රන් ප්‍රමාණය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වන තෙක් කාලය අතර තුරදී තුන් ගුණයකින් වර්ධනයවී ඇති බව වාර්තා වනවා. රත්රන් ළඟ තබා ගැනීමෙන් ආර්ථික දියුණුව ළංකර ගැනීමට හැකිවන බවට ඉන්දියානුවන් විශ්වාස කරන බැවින් හැකිතරම් රත්රන් ළඟ තබාගැනීමට ඔවුන් උත්සුක වේ. රත්රන්වලට ඇති අධික ඉල්ලුම හේතුවෙන් ජාවාරම්කරුවන් විවිධ ආකාරයෙන් ඉන්දියාව තුළට රත්රන් ගෙන ඒමට කටයුතු කරයි. ඒ අනුව ඔවුන් ඉණ පටි, ගාන්චු හා බැටරි ලෙසට ද සකස්කර ද රත්රන් ගෙන ඒමට කටයුතු කරන බව ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් වසරේදී ඉන්දීය රජය රත්රන්වලින් අයකෙරෙන බදු ප්‍රතිශතය 15 කින් ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග මෙලෙස නීතිවිරෝධීව රත්රන් ගෙන ඒම වැඩිවී ඇතැයි විශ්වාස කෙරේ.ඩුබායි සහ සාජා නගරවල රත්රන් මිල සාපේක්ෂව අඩු අගයක් ගන්නා බැවින් එම ප්‍රදේශවලින් ගෙනෙන රත්රන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද ඉන්දීය බලධාරීන් පවසයි. කුමන නීතිරීති ක්‍රියාත්මක කළද ඉන්දීය ජනයාගේ රත්රන්වලට ඇති ඇල්ම අඩුකිරීමට නොහැකි බවටද එරට වෙසෙන දිළිඳුම ජනයාද රත්රන් මිලට ගැනීමට දැඩි ඇල්මක් දක්වන බවටද ඉන්දීය වාර්තා සඳහන් කරයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.