2014-03-08

කොළඹ පිටත වටරවුම් මාර්ගය ජනතා අයිතියට

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියරේ කඩුවෙල සිට කොට්ටාව දක්වා කොටස මීට ටික වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. ඒ අනුව අද සිට කඩුවෙල – ගාල්ල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි වනවා. ජනාධිපතිවරයා විසින් පිටත වටරවුම් අධිවේගී මාර්ගය විවෘත කරනු ලැබුවේ කොට්ටාව පිවිසුමේදී ය කොට්ටාව සිට කඩුවෙල දක්වා කිලෝමීටර් 12ක දිගින් යුතු මාර්ග කොටස සඳහා ජපන් රජය ආධාර ලබා දී ඇත. කොට්ටාව – කඩුවෙල අධිවේගී මාර්ගය මහවෙල ප්‍රදේශයේදී කිලෝමීටර් 3.2ක් දිගැති පාලමකින් නිමවා ඇත. එය ලංකාවේ හමුවන දිගම ගුවන් පාලම ද වේ.
මෙහි දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝමීටර් 8.9ක මාර්ග කොටස ලබන වසරේදී ජනතා අයිතියට පැවරීමට නියමිත ය. පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.2ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ඉන් අනතුරුව ආරම්භ වේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල – මාතර කොටස ද ලබන 15 වන දා විවෘත කිරිමට නියමිත ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.