ඉන්දීය වෛද්‍ය සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කළ ඝාතකයන්ගෙන් හතර දෙනකුට නියම කළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය අධිකරණය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. 2012 වසරේදී බස් රථයක් තුළදී අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කළ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනයක් සමග නවදිල්ලි නුවරට රැස්වූ දහස් ගණන් ජනයා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඉන්දියාවේ තිබෙන නීති වෙනස් විය යුතු බවට ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියා.
එම උද්ඝෝෂණ වර්ධනය වීමත් සමග අත්අඩංගුවට ගත් අදාළ ඝාතකයන්ගෙන් එක් අයකු සිරමැදිරිය තුළ මියගොස් සිටි අතර තවත් අයකු දැනටමත් වසර තුනකට සිරදඬුවම් විඳමින් සිටී. කෙසේ වෙතත් යුක්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවසා සිටින්නේ ඔවුන් සුප්‍රීම් උසාවියට ඇපෑලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.