2014-03-08

වායුසමනය නොකළ ඖෂධ අලෙවි සැල් වැටලීමට පියවර?

වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකර පවත්වා ගෙන යන ඖෂධහල් පිළිබඳව හදිසි වැටලීම් සිදුකර ඒවා  තවදුරටත් නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කරන ලද පිළිතුරක දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
වාර්ෂික බලපත්‍ර ලබාදීමේදී අදාළ ඖෂධ ශාලා වායුසමීකරණය කර තිබේද යන්න පරීක්ෂා කරන බවත් එසේකර නොමැති ඖෂධහල් සඳහා බලපත්‍ර ලබාදීමක් සිදුනොවන බවත් සියලුම ඖෂධ වායුසමනය කළ ස්ථානවල ගබඩාකිරීම අත්‍යවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.