2014-03-08

ෆේස්බුක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තහනම් කරන බවට අසත්‍ය ප‍්‍රචාරයක් නිර්මාණය කරනු ලැබුවේ කොළඹ දිස්ත‍්‍රික්ක තුළ පදනම් වූ පිරිසක් විසින් බවට හෙළිවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පැවැති ජනහමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවැසී ය.
ඔවුන් පිළිබඳ තොරතුරු හෙළවී ඇති බවත් ජනතාව නොමඟයැවීමේ හා ප‍්‍රකෝප කිරීමේ අරමුණ ඇතිව මෙය සිදුකර ඇති බවටත් හෙතෙම ප‍්‍රකාශ කළේ ය.
තොරතුරු තාක්ෂණය ප‍්‍රවර්ධනයට නිබඳව කැපවෙන ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිති සීමා කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.
කළයුත්තේ පාසල් දරුවන්ගේ, ගුරුවරුන්ගේ, මාපියන්ගේ ආකල්ප වර්ධනය කොට තාක්ෂණය නිසිපරිදි භාවිතය පිළිබඳ ඉගෙනීම බව හෙතෙම පැවැසී ය.
එමෙන්ම පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණය වර්ධනය කිරිම සඳහා නැණසල ශාඛා දහසක් කඩිනමින් විවෘත කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.