2014-05-29

ෂහීඩ් සොනාක්ෂිට අමතරව ජැක්ලිනුත් තියාගෙන

ෂහීඩ් කපුර් කියන්නේ හොඳ පෙම් කුරුල්ලෙක්. ඔහුට තරුණියන්ගේ ආකර්ශනය නිතැතින්ම හිමිකර ගැනීමට සමත් රූපයක් තිබෙනවා. තරුණ නිළියන්ද ඔහුට යම් ආකර්ශනයක් දක්වනවා. ජබ් වේ මීට් චිත‍්‍රපටය රඟපෑමෙන් පස්සේ ෂහඩ්, කරීනාගේ පෙම්වතා වුණා. දැන් ෂහීඩ්ගේ නම කියවෙන්නේ සොනාක්ෂි සිංහා එක්කයි. මේ අතරේ පසුගියදාක ෂහීඞ් ජැක්ලීන් සමග ආපන ශාලාවක සිට පිටත්ව යන රූප පෙළක් පැපරාසි මාධ්‍ය විසින් කැමරාවේ සටහන් කරගෙන. ඔවුන් පවසන්නේ ෂහීඩ් සොනාක්ෂිට අමතරව ජැක්ලින්ටත් පෙම් කරනා බවයි. තවත් ඔවුන් කියන්නේ මේ දෙන්නට අමතරව තවත් නිළියකට වුණත් එකවර පෙම් කිරීමේ හැකියාවක් ෂහීඩ්ට තියෙනවා කියලයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.