2014-05-14

උතුරේ සෝදිසියකින් යුද උපකරණ රැසක් සොයා ගැනේ

හමුදා භට පිරිස් උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද සොදිසි මෙහෙයුම්වලදී පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. 

මහිලන්කුලම්, සරසාලේ , අරියාලේ , පෙරියපච්චිල පලෙයි සහ උදයාර්කට්ටු යන ප්‍රදේශ වල සිදුකරන ලද සෝදිසියක දී මෙම යුධ උපකරණ සොයාගෙන ඇති බව යුධ හමුදාව පවසනවා. 

මෙලෙස සොයා ගැනුණු යුද උපකරන අතර  අත්බෝම්බ 15 ක් , ක්ලේමෝ බෝම්බ 02ක් , පුද්ගල නාශක බෝම්බ 01ක්, පීඩන බෝම්බ 01ක් සහ ආර්.පී.ජී බෝම්බ 01ක් වනවා.

මීට අමතරව මීටර් 25ක් දිගැති ඩෙටනේටර් රැහැනක් සහ හඳුනානොගත් පුපුරණ උපකරණ 02ක් ද අදාළ සෝදිසියේ දී සොයාගෙන තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.