2014-06-24

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂයේ විවිධ තනතුරු හා භාරදූර වගකීම් මා වෙත පවරා ඇති බවට පසුගිය දින කීපයේදී ජනමාධ්‍ය විසින් පළ කර ඇති පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා කාරුණික දැනුම්දීමක් කරයි.

සත්‍යය නම් මා වෙත එවැනි වගකීම් පැවැරීම පිළිබඳව කිසිවක් නොදන්නා බව හා ඊට අදාළව මා වෙත කිසිදු නිල දැනුම්දීමක් කර නොමැති බවත් යැයි පවසන ප්‍රේමදාස මහතා පක්ෂයේ කිසියම් කාර්යභාරයක් පැවැරීම සඳහා මා සම්බන්ධ කරගනිමින් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ සංවාදයක් නොපැවැති බවද අවධාරණය කරයි.
මෙවැනි පුවත් සිය ග්‍රාහකයන් වෙත මුදා හැරීමට පෙර එහි සත්‍යතාව පිළිබඳ ප්‍රමාණවත් ලෙස කරුණු විමසා බැලීමට හා නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට කාරුණික වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනමාධ්‍යවලින් ඉල්ලීමක්ද කරයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.