අස්ගිරි මල්වතු අමරපුර හා රාමඤඤ මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති
මහනුවර ඓතිහාසික දළදා නගරයේ ලබන 27 හා 28 දිනවලදී පැවැත්වීමට නියමිත මෝටර් රථ සැණකෙළිය නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර නිසා එය නවත්වන ලෙස ඉල්ලමින් අස්ගිරි මල්වතු අමරපුර හා රාමඤඤ මහ නාහිමිවරුන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර ඇත.
මෙම ලිපිය සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්ත, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඥණිස්සර ශ්රී ලංකා ඤඤ නිකායේ මහානායක නාපාන පේමසිරි යන නාහිමිවරුන් අත්සන් තබා ඇත.
ලෝක උරුම නගරයක් ලෙස නම් කර ඇති මහනුවර දළදා නගරය තුළ මෙම සැණකෙළිය නැවැත්වීම සඳහා ජනපතිතුමාගේ කාරුණික අවධානය යොමුවිය යුතු බව එහි සටහන් කර ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
මෙරට බෞද්ධ ජනතාවගේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේද වන්දනීය වූත් පූජනීයවූත් ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දළදා මාලිගාව මෙන්ම මල්වතු අස්ගිරි මහා විහාරයද සෙසු බොහෝ බෞද්ධ සිද්ධස්ථානද සතරමහා දේවාලද ස්ථාපිතවී ඇති බැවින් යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුම නගරයක් ලෙස නම් කොට ඇති මහනුවර දළදා නගරය තුළ මෙම මස 27, 28 යන දෙදින තුළ රාත්රී මෝටර් රථ සැණකෙළි පැවැත්වීමට යම් පිරිසක් කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබී තිබේ. දළදා නගරය තුළ මෙවැනි සැණකෙළි පැවැත්වීම නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව අපගේ විශ්වාසයයි. එබැවින් මෙම සැණකෙළිය දළදා නගරය තුළ පැවැත්වීම නවත්වාලීමට ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන ලෙසට දන්වා සිටිමු.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.