මරාගෙන මැරෙන බෝම්බයක් සමග පැමිණි කාන්තවක් නයිජීරියාවේ කොන්ටාගොරා නගරයේ පිහිටි පාසලකදී පුපුරුවාගෙන ඇත. මෙම පිපිරුම හේතුවෙන් තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. තුවාල ලබා ඇති ගණන මතෛක් අනාවරණය වී නොමැත.
සිද්ධිය ඇසින් දුටුවකු මාධ්‍යයට පවසා ඇත්තේ බෝම්බය පිපිරීමට එම පාසලේ දේශන ශාලාව ඉදිරිපිට සිදු වූ බවත්, ඒ වන විට ශාලාව මුළුමනින්ම පිරී ගොස් තිබූ බවත්ය. එහෙත් මෙම බෝම්බකාරිය ශාලාවට ඇතුළු වීමට ප්‍රථම බෝම්බය පුපුරා ගිය හෙයින් ජීවිත හානි අවම වූ බවය.
නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මේ සතිය තුළ පාසල් ඉලක්ක කරසිදුකළ දෙවන බෝම්බ ප්‍රහාරය මෙය වේ. ප්‍රථම සිදුවීමෙන් යොබේ ප්‍රාන්තයේ පිරිමි ළමුන් 46 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙම සිද්ධිය එරට ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වැදී සිටින බොකෝ හරාම් ත්‍රස්ත කල්ලියේ ක්‍රියාවක් බව සනාථ වී තිබේ. මෙම කල්ලිය පාලනයට ගෙන ඇති නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ නිතර නිතර බොම්බ පිපුරුම්, ඝාතනයන් සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
මෙම සිදුවීම තුළින් අනාවරණය වී ඇත්තේ ත්රස්තවාදීහු තමන් යටතේ පවතින ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශ කරාද ඇදෙමින් සිටින් බවත්ය. පොලිසිය පවසන අන්දමට මෙම බෝම්බකාරිය ශාලාව තුළට ඇතුළු වීමට පෙර පුපුරා ගොස් ඇති බවත්, ඈ ශාලාවට ඇතුළු වූයේ නම් විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබූ බවත්ය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.