Facebook පරිහරණය කරන ඔබට බොහෝ වෙලාවට කරදරකාරී යහළුවන් සිටිනවා වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ගෙන් ඔබට කරදරයක් වුව ඊට එරෙහිව ක්‍රියා කිරීමට නොහැකි වෙලා තියෙන්නත් පුළුවන්. එනම් අකමැති යහළුවන් නිහඬ කරවීම තවත් පහසු කිරීමට Facebook ආයතනය කටයුතු කරල තියෙනවා.
කාලය කා දැමීමට අරමුණනකින් තොර ව Facebook අපභාවිතයේ යෙදෙන්නෝ එමට ය. එහෙයින් එවැන්නන් නිහඬ කරවන්නේ කෙළසදැයි සිතමින් පසුවන් ඔබට මෙය කදිම් අවස්ථාවක් වෙයි.
ඔබ එතරම් උනන්දුවක් හෝ කැමැත්තක් නොදක්වන පුද්ගලයින්, groups සහ pages පහසුවෙන්ම නිහඬ (unfollow) කිරීමට හැකි පහසුකමක් news feed එක වෙත ඇතුළත් කිරීමට Facebook ආයතනය කටයුතු කර තිබේ.
පසුගිය සතිය පුරාවට ඔබේ feed එක තුළ වැඩි වශයෙන්ම දර්ශනය වූ පුද්ගලයින්, pages සහ groups news feed settings තුළ දැන් ඔබට දැකගත හැකි ය.
එම දේවල් පරික්ෂා කර කර බලා ඔබ කැමැත්තක් නොදක්වන groups, පුද්ගලයින් සහ pages තව දුරටත් දර්ශනයවීමෙන් වළක්වා ගන්නට ඔබට අවස්ථාව ලැබේ. ඒ සඳහා ඔබ කළයුතුවන්නේ අදාළ post එකේ දකුණේ කෙළවරේ උඩම ඇති ඊහිස මත click කිරීමයි. එහි දී දර්ශනයවන විකල්පයන් අතරින් ඔවුන් ව සම්පූර්ණයෙන්ම unfollow කරගන්නට ද හැකියාව ඇත. එවිට ඔවුන් Facebook වෙත එකතු කරන කිසිදු post එකක් ඔබට දර්ශනය නොවේ.
ඔබ එලෙස unfollow කරන ලද පුද්ගලයින් සහ pages ඔබගේ Facebook settingsහි ගබඩාවන අතර නැවත අවශ්‍ය ඕනෑ ම වේලාවක දී ඔවුන්ව නැවත follow කරන්නට ද පුළුවන්. මේ වනවිට එම පහසුකම desktop සහ mobile sitesවලට ඇතුළත් කර තිබේ. එහෙත් Facebook app එක සඳහා මෙම පහසුකම පැමිණීමට නම් සති කිහිපයක් ගතවන බව වාර්තා වේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.