2014-11-18

රජයේ ණය අඩු වී ඇතැයි කරන ප‍්‍රකාශ බොරු

ශ‍්‍රී ලංකා රජයේ ණය ප‍්‍රමාණය අඩු වී ඇති බවට ඉදිරිපත් කරමින් ඇති සංඛ්‍යාලේඛණ වැරදි බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ එම සංඛ්‍යාලේඛණ සඳහා පාදක කරගෙන ඇත්තේ රජය ඍජු ලෙස ලබාගත් ණය පිළිබඳ පමණක් බවය.

එහිදී ඔහු තව දුරටත් පෙන්වා දුනනේ විරැකියාව පහළ ගොස් ඇති බවට සහ දුප්පත්කම අඩුවී ඇති බවට ආණ්ඩුව පෙන්වන සංඛ්‍යාලේඛණද නිවැරදි නොවන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.