2014-11-09

නුවරඑළිය අවතැන්වූවන් ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් සහිත අවදානම් කලාපවලින් ඉවත් කළ ජනතාව පවුල් 600 කට අයත් සාමාජිකයන් 2619 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.

මෙම අය රම්බොඩ, වැවන්ටන්, හඟුරන්කෙත එළමුල්ල, වලපනේ මුල්ලකැලේ, නුවරඑළිය, කඳපොළ, රාගල දියනිල්ල, හැටන්, සමනලගම, බගවන්තලාව (කිව් වත්ත) සහ මස්කෙළිය ගාඩ්මෝර් යන ප්‍රදේශවල කඳවුරු 22 ක තාවකාලිකව නතර කර තිබේ. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.