2014-11-19

පොදු අපේක්‍ෂකට සුදුසුම රනිල් - සරත් ෆොන්සේකා

ඉදිරි ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා සඳහා යෝජනා වී ඇති නම් කිහිපය අතුරින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට සුදුසුකම් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (18 දා) එම පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

දැනට ඇති දේශපාලන පක්‍ෂ නායකයින්ගෙන් ජ්‍යෙෂ්ඨයකු වන ඒ මහතා ප්‍රබල චරිතයක්‌ බවත් පළපුරුද්ද දක්‍ෂතා මත හැකියාව ඇති බවත් රනිල් නුසුදුස්‌සෙකු බවට සමහරු කීවත් තමන්ට ඔහු සමග ප්‍රශ්නයක්‌ නැති බවත් කියා සිටියේය.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගත යුතු මඟ සම්බන්ධයෙන් තම පක්‍ෂය මේ වනතෙක්‌ කිසිදු තීරණයක්‌ ගෙන නැතැයිද ප්‍රධාන පක්‍ෂ සිය තීරණයෙන් පසු තම පක්‍ෂය ද සිය මතය ප්‍රකාශ කරන බවද කීය.

පොදු අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම පිළිගත හැකි විශ්වාස කළ හැකි අතීතයේ හොඳ හැසිරීමක්‌ ඇති පළපුරුද්ද ඇති දුන් පොරොන්දු ඉෂ්ට කළ ජනතාවට එපා නොවුණු චරිතයක්‌ විය යුතු බවද එසේ නොවුණොත් පක්‍ෂය වෙනත් විකල්ප තීරණයකට යන බවද ඒ මහතා කියා සිටියේය.

ඒ වගේම පොදු අපේක්‍ෂකයා දේශපාලන පක්‍ෂයක ප්‍රබල චරිතයක්‌ විය යුතු බවද ජනතා නියෝජිතයෙකු නොවන චරිත පොදු අපේක්‍ෂකත්වයට සුදුසු නොවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.