2014-12-29

ජනතාවගෙන් ලක්ෂ 100ක් දුප්පත් - මෛත්‍රී

රටේ ජනතාවගෙන් ලක්‍ෂ සියයකට වැඩි ජනතාවක් දුගීභාවෙන් පෙළෙන බවත් එය තුරන් කිරීමට රාජපක්‍ෂ රජය පියවර නොගත් බවත් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඊයේ (27දා) හක්මන පැවති ජන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.  

එසේම වත්මන් රජය දේශීය කර්මාන්ත නගාසිටුවීමට කිසිඳු පියවරක් නොගත් බවත් ජනවාරි 8 වනදායින් පසු ඇති වන සමගි සන්ධාන ආණ්ඩුව තුළ සියලු දුරාචාරයන් නවතා සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත නගා සිටවමින් ජනතාවගේ ආර්ථිකය යහපත් මට්ටමකට ගෙන එන බවත් ඔහු පැවැසීය.  

“ජනතාවගේ ආර්ථිකය පිළිබඳ සැලකිලිමත් වුනේ නැහැ. ලක්ෂ 100 කට වැඩි ජනතාවක් අඩු අදායම් ලබනවා. ඔවුන් තුළ ඇති දුගී භාවය තුරන් කිරීමට කටයුතු කළේ නැහැ. පාර්ලිමේන්තුව තුළදී ඔවුන් වෙනුවෙන් කතා කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා ඡන්දයක් ආරම්භ වීමට පෙර සහන ලබාදීම පමණක් සිදු කිරීමට තීරණය කළා. සංවර්ධනය සඳහා සියල්ල යොදවන බවට ජනතාවට ඒත්තු ගන්වමින් තිබුණා. නමුත් ඒ මුදල් ගියේ ඔවුන්ගේ සාක්කු වලට.” යැයි හෙතෙම  පැවැසීය.

මේ අතර මොණරාගලදී පැවැති ජනරැළියට විශාල ජනසහභාගිත්වයක් දැක ගැනීමට හැකියාව ලැබුණා. 













No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.