ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දැඩි සටනක නිරතවූ ශ්රී ලංකා කණ්ඩායම තෙවනි දිනයට තරගය නිමා කරන විට කඩුලු පහකට ලකුණු 293ක් රැස් කරගෙන සිටියේය.
ශ්රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ දිමුත් කරුණාරත්න සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.
අනෙක් අන්තයෙන් නායකත්ව ඉනිමක් ක්රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 53ක් රැස්කරගෙන සිටියි.
නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 441කට පිළිතුරු වශයෙන් ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 138ක් පමණි.
ඒ අනුව ලකුණු 303ක් පිටුපසින් සිටිමින් ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කරනු ලැබීය.
කුමාර සංගක්කාර දෙවැනි ඉනිමේදී එක් ලකුණකට දැවී ගියේය.
හෙට (29දා) තරගයේ සිවුවැනි දිනයයි. කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායමට තවත් ඉතිරිව අත්තේ කඩුලු පහක් පමණි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.