අගවිනිසුරු ආචාර්ය ශිරණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ ඒ පිළිබඳ අද දිනයේ කතානායක චමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවයි. මේ අතර අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකය අතර පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 10 වනදා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීමක් කැඳවා ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.
2012-11-03
නීතීඥ සංගමයෙන් කතානායකවරයාට ලිපියක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.