2014-12-18

ජානිපෙ අක්මීමන සංවිධායකත් හංස මෛතී‍්‍රය සොයා යයි

ජාතික නිදහස් පෙරමුණේ අක්මීමණ ආසන සංවිධායක නීතීඥ මහේෂ් මඩවල මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සහයෝගය ලබා  දීමට තීරණය කර තිබේ.

මෙම කරුණු හෙළිවූයේ අද 18 උණවවටුන ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවක දීය. මාධ්‍ය හමුව  සංවිධානය කර තිබුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූූ ගාලූ  නීතිඥ සංවිධානය විසිනි.

මාධ්‍ය හමුවෙදී වැඩි දුරටත්  අදහස් දැක්වූ ඒ මහතා. 
නීතීය හා නීතියේ ආධිපත්‍යය බරපතල අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවක දී එය සුරක්ෂිත කරනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි හැකි එකම නායකයා  මෛතී‍්‍ර‍්‍රපාල සිරිසේන මහතා බවත්, එමෙන් ම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂාකරනු ඇතැයි විශ්වාස කළ  හැකි හැකි අපේක්ෂකයාට වෙනුවෙන් සහාය ලබා දීමට තමන් තීරණය  කළ බවවද  ඒ මහතා කීය. 

තවමත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක වරයා ලෙස පක්ෂයේ මතවාදය සමග තමන් එක`ග  වූවද වර්ථමානයේ්  පක්ෂය ඒකාධිපති නායකයකුට කඬේ යාම හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.