එවකට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගම්පොළ මැතිවරණ වේදිකාවට හානිකළැයි චෝදනා ලැබූ හිටපු අගමැති පුත් අනුරාධ ලංකා ජයරත්න, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි හා ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයාට ඇප ලබාදී තිබේ.
සැකකරුවන් ගම්පොළ පොලීසියට බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා හමුවට අද ඉදිරිපත් කෙරිණ.
එහිදී එක් අයෙකුට රුපියල් 50,000 මුදල් ඇප හා ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැරුණු අතර නැවත නඩු විභාගය මාර්තු 20 වැනිදාට නියම විය.
පක්ෂ කාර්යාලයට හානි කිරීම, අයුතු ඇතුළුවීම හා වෙඩි තබා බියවැද්දීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.
මෙම සිද්ධියට අදාළව මීට පෙරාතුව ගම්පොළ නගර සභාවේ මන්ත්‍රී දර්ශන නයන තරංග යන අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.