තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබ සිටින නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ ප්‍රාදේශීය සභා සභාපති වජිර සිල්වා ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර එම නිලධාරීන් සැකකරුවන්ගේ නිවාස හා ඔවුන් ගැවසෙන ස්ථාන පරීක්ෂා කර තිබේ.
එහෙත් ඔවුන් එම ප්‍රදේශ අතහැර පලාගොස් ඇති බව හෙළි වී තිබේ. පලාගිය නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
කහවත්තේ පැවැත්වීමට තිබූ රැලියක සැරසිලි කරමින් සිටි ආධාරකරුවන් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ පෙරේදා අලුයම 2.00 ට පමණය.
එහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනකු රත්නපුර රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මෙම වෙඩි තැබීමට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් සම්බන්ධ බවට ලැබී තිබූ තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබිණි.
ඒ අනුව පැල්මඩුල්ල අධිකරණය නියෝග කළේ සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.