2013-01-09

නීති විද්‍යාල ඇතුලත් වීමේ විභාගය නැවත තියෙන්නේ නීති විද්‍යාල විදුහල්පතිගේ කැමැත්ත මතයි


නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉල්ලීමක් කළහොත් එම විද්‍යාලයේ ප‍්‍රවේශ විභාගය නැවත පැවැත්වීමට සූදානම් බවට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සහතිකයක් ලබාදුන්නා. ඒ භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් සමග අද උදෑසන පැවැති සාකච්ඡාවකදීයි. එම සාකච්ඡාවට සහභාගි වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඒ බව කියා සිටියා. 
මෙම සාකච්ඡුාවට පැමිණි භික්‍ෂූන් වහන්සේ විභාග දෙපාර්තමේන්තුවේ ගේට්ටුව ඉදිරිපිට පැය කිහිපයක් රැඳී සිටියා. නොසන්සුන්තාවයක් ඇතිවීම වැලැක්වීම සඳහා පොලීසියද කඳවා සිටි බවද වාර්තා වනවා.
මේ අතර ප‍්‍රවේශ විභාගය මතභේදායට ලක්වීම නිසා නීති විද්‍යාලයට නවක සිසුන් ලියාපදිංචි කිරීම තාවකාලිකව කල්දමා තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.