2012-05-29

ජනපති තායිලන්තයට


දින 5ක නිල සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලූයම තායිලන්තය බලා පිටත්ව ගියා. ඒ රාජකීය තායි රජයේ රාජකීය අමුත්තෙකු ලෙස එහි සංචාරය කිරීමට ලැබුණු ආරාධනයකට අනුවයි. මෙම සංචාරය තුළදී තායිලන්ත අග‍්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත‍්‍රා මහත්මිය සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවන්ට එක්වීමට ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා. එසේම ඔහු තායිලන්තයේ ශි‍්‍රන්දොන් රජ කුමරිය හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි. දෙරට අතර දේශපාලන උපදේශනයන් පිළිබඳව මෙන්ම සාපරාධී කටයුතුවලදී නෛතික ආධාර හුවමාරු කර ගැනීමේ ගිවිසුම්වලටද මෙම සංචාරයේදී අත්සන් තැබෙනු ඇති. තායිලන්තයේ බුද්ධ ජයන්ති සමාරම්භක උත්සවයට ලබන 31 වැනිදා සහභාගි වන ජනාධිපතිවරයා එහිදී විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සංචාරය අතරතුර ව්‍යාපාරික සංසදයකට සහභාගි වීමටත් එරට සිටින ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයින් හමුවීමටත් ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා.









No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.