2012-05-01

මෙදා මැයි දිනේට පෙළපාලි 10යි - රැළි 8යි


මෙවර කම්කරු දිනය වෙනුවෙන් සැමරුම් පෙළපාලි 10ක් සහ මහජන රැළි 8ක් සංවිධාන කරනු ලැබ තිබෙනවා. කොළඹ නගරයේදී මැයි රැළි 3ක් සහ පෙළපාලි 5ක් පැවැත්වීමට නියමිතයි. යාපනය , තලවාකැලේ සහ නුවරඑළිය යන ප‍්‍රදේශවලද මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙනවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාග් ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ මහ නගර සභා පිටියේදීයි. පස්වරු 3ට එය ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා වන මැයි පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වන්නේ පස්වරු 1ටයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය සහ රැළිය විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය ගුරු නගර් හිදි පෙරවරු 10ට ආරම්භ වනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය එම පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බී.ආර්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා වන මැයි පෙළපාලිය මධ්‍යහ්න 12ට ආරම්භ වන්නේ දෙහිවල සරණංකර කී‍්‍රඩාංගණයෙන්.
මේ අතර ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය සිය ප‍්‍රධාන ලේකම් බාල තම්පෝ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොල්ලූපිටියෙන් සිය මැයිදින පෙලපාළිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ පවත්වන එක්සත් මැයි රැළිය කොළඹ ගුණසිංහ පුර ප‍්‍රයිස් පිටියේදී පැවැත්වෙනු ඇති. එය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 3ටයි. ලංකා සමසමාජ පක්ෂය, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී  වාමාංශික පෙරමුණද සිය ඒකාබද්ධ මැයි රැළිය කොළඹ ලලිත් ඇතුළත්මුදලි කී‍්‍රඩාංගණයේදී පවත්වනවා. ඒ සඳහා වන මැයි පෙළපාලිය නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයෙන් ආරම්භ වන්නේ පස්වරු 1ටයි. කඳුරට පෙරමුණේ මැයි රැළිය හා පෙළපාලිය එයි නායිකා ශාන්තිනී දේවී චන්ද්‍රසේකරන් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පූඩලූඔයේදී ආරම්භ වන්නේ පෙරවරු 10ටයි. ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහි මැයි රැුළිය නුවරඑළිය කොටපොළදී පෙරවරු 10ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
කම්කරු ජාතික සංගමයේ මැයි රැළිය හා පෙළපාලිය එහි නායක පී. දිගම්බරම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 10.30ට ඇරඹෙන්නේ තලවාකැලේ නගරයේදීයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.