ඊයේ රාත්රී කාලයේ අම්පාර සමන්තුරේ ගම්වාසීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. පැමිණිල්ලක් විමර්ෂණය කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර තුවාල ලැබු නිළධාරීන් දෙදෙනා සමන්තුරේ රෝහලේ ප්රතිකාර ලබයි.
මෙම ගැටුම ඇති වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් සොරුන්යැයි වරදවා වටහා ගැනීමේ ප්රතිඵලයක් ලෙස බවද වාර්තා වන අතර ආත්මාරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය අහසට වෙඩි තබා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් එම සිද්ධිය මුල් කර ගෙන මේ වන විට අම්පාර නින්දවූර් ප්රදේශයේ ප්රදේශවාසීන් පිරිසක් කල්මුණේ-අක්කරෙයිපත්තු මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරතව සිටිති.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.