2012-05-17

මෝටර් රථයක් තුළ දැවී ගිය මළ සිරුරක්


නාරාහේන්පිට උද්‍යාන මාවතේ මෝටර් රථයක් තුළ තිබී දැවී ගිය පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෝටර් රථය ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් පුද්ගලයා දැවී මිය යන්නට ඇතැයි සැක කරන බවයි. මෙම පුද්ගලයා නාරාහේන්පිට මුගලන් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බවට පොලීසිය සැක කෙරෙනවා. මෙය කිසියම් අපරාධයක්දැයි මෙතෙක් කරුණු හෙළි වී නොමැති බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නාරාහේන්පිට පොලීසිය මගින් සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.