විහාරස්ථානයක තිබූ ගෘහ උපකරණ ඇතුළු දේපළ සමහරක් සොරාගෙන ගොස් වෙනත් විහාරස්ථානයක නතර වී සිටි භික්ෂූන් වහන්සේ දෙනමක් කරුවලගස්වැව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුනා. සොරකමට ලක්ව ඇත්තේ හලාවත කොක්කවිල් මහාබෝධි විහාරස්ථානයයි.
එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඉකුත්දා අපවත් වුණා. උන්වහන්සේගේ ආදාහන පූජ්‍යෝත්සවය සමයේදී විහාරස්ථානයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ දෙනමක් අතුරුදන් වූ බවයි පොලීසියට ලැබුණු පැමිණිල්ලක සඳහන් වන්නේ. ගෘහ උපකරණ ඇතුළු දේපළ සමහරක්ද අතුරුදන් වූ බව පැමිණිල්ලේ සඳහන් වනවා. භික්ෂුන් වහන්සේ දෙනම අත්අඩංගුවට ගැනුනේ එ් අනුව කළ විමර්ශනවලදීයි. ඔවුන්ගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 60ක් පමණ වනවා. අනෙක් භික්ෂුන් වහන්සේගේ වයස අවුරුදු 15ක් පමණ බවයි පොලීසිය පවසන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.