2015-09-15

ඇබොට්ගෙන් ගිලිහුණු ඕස්ට්‍රේලියානු අගමැති ධුරය ටර්න්බුල්ට

ඔස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබොට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීමත් සමග ඔස්ට්‍රේලියාවට අලුත් අගමැතිවරයෙකු පත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.


එම ඡන්ද විමසීමේදී ඇබොට් මනාප 44ක් ලබාගනිද්දී ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම් ටර්න්බුල් ඡන්ද 54ක් ලබා ඉදිරියට පැමිණ සිටියි.

මේ අනුව, ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ටර්න්බුල් දිවුරුම් දීමට නියමිත අතර, 2013ට පසු ඔස්ට්‍රේලියාවට පත් වූ සිව් වැනි අගමැති ඔහු බවද විදෙස් වාර්තා පවසයි.

නීතීඥවරයෙකු වන ටර්න්බුල්, 2008, 2009 දී විපක්ෂයේ සිටි ලිබරල් පක්ෂයට නායකත්වය දුන් අතර, එවකට ටෝනි ඇබොට් විසින් ඔහු පරාජය කර තිබුණේ එක් ඡන්දයකිනි.

ජූලියා බිෂොප් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව ලෙස වැඩි ඡන්දයෙන් පත්වී ඇති අතර, ටර්න් බුල් ලබන 29 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.