2021-02-14

රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර ඇති බවට පළවන පුවත් ගැන නිවේදනයක්

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළ වාර්තාවීමත් සමග රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර ඇති බවට වන පුවත් සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුවද එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා. 

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළ විවිධ ප්‍රදේශවලින් වාර්තාවීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා වීම පිළිබඳ රජය දැඩි අවධානයෙන් පසුවන බවයි. 

ඒ අනුව ඉදිරියේදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ගයන් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.